මේ ඇල්ල තියෙන්නේ කිරිදිවැල නගරයෙන් කිලොමිටර් 10 විතර ඇතුලට ගියාම හම්බවෙන අමිතිරිගල කියන ප්රදේශයේ. කිරිදිවැල හංවැල්ල පාරේ කිලොමිටර් 2ක් විතර ගියාම හැරෙන්න තියන අතුරු පාරක තමයි යන්න තියෙන්නේ... පාරවල් නම් එච්චර හොද තත්වෙක නෑ.... බස් නම් හොයාගන්න ගොඩක් අමාරු නිසා තමන්ගේ හරි කාගෙහරි රෝද කැරකෙන මොකක් හරි හොයන් යන එක තමයි ඇඟට ගුණ.... අපිනම් පුටු පුටු වල තමයි ගියේ... එකක් ව නම් පොලෝසියෙනුත් ඇල්ලුවා, හොද වෙලාවට උට ලයිසන් තිබ්බා...
වාහනේක ගියොත් නම් මහ පාරෙ නවත්තලා ඇල්ල ගාවට පයින් ගාටන්න වෙනවා...ජීප් එකක් හරි පුටු පුටු වල හරි ගියොත් නම් ඇල්ල ලඟට යනකම් යන්න පුලුවන්... රබර් වත්තක් මැදින් තියන අඩි පාරක හති දාගෙන තමයි ඇල්ල ගාවට යන්න තියෙනනේ....
ඇල්ලක් කිවුවට මෙකේ කොටස් 2ක් තියනවා. උඩින්ම pool එකක් වගේ කොටස් 2ක් තියනවා, ඊට පස්සේ ගල් තලාවත් එක්ක ඇල්ල, ආයෙත් පොඩි pool එකක් තියනවා, ඊට පස්සේ ආයේත් ඇල්ල.... අපි ගියපු දවසේ නම් කලින් වැඩිය වැහැල තිබුනේ නැති නිසා එච්චරටම වතුර තිබ්බේ නෑ...
මේක තමයි උඩින්ම තියන pool එක |
මේක දෙවෙනි pool එක |
අපි ඉස්සෙල්ලාම පය ගැහුවේ මෙතනට.... පය ගැහුව විතරයි වැහි බින්දු එක දෙක වැටෙන්න ගත්තා... එත් උඩ ඉන්න එක්කෙනා අපි ගැන හිතලද කොහෙද වැස්ස නැවත්තුවා.... ඒකට පින් දෙන්නත් අපි අමතක කලේ නෑ...
නිල් කැටේට වතුර ටික... ආසාවේ බෑ... හැබැයි ආතල් එක තෙරුනේ වතුරට බැස්සට පස්සෙ.... ඒ තරමට වතුර සීතලයි.....
ගල් තලාව උඩට පේන්නේ මෙහෙමයි |
උඩට වෙලා ඇති වෙනකම් නාලා එකෙක් ගේ බලවත් ඉල්ලිම පිට පහල තැනටත් ආවා.. එතනත් එල place එක... වතුර හොදට තියන දවස් වලට නම් මෙතන ඇල්ල ලස්සනට ඇති.. එත් අපිට ඒක බලාගන්න පින තිබුනේ නෑ.
ලෙස්සන බොට්ටුව |
කොහොම කොහොම හරි නාලා ඉවර වෙලා 3 ට විතර අපි යහතින් ආපහු ගෙවල් බලා ආව...
මේ අළුත් බ්ලොග් එකක්ද බං.....
ReplyDeleteමොනා උනත් පට්ට ප්ලේස් එකක් වගේ :-)
ඔව් රජෝ... බ්ලොග් 2 ජොයින් කලා ටැබ්ස් වලින්...
Deleteපට්ට කියන්නේ පට්ට එකෙත් පට්ට
ගිහින් බලන්න ඕන, පට්ට ප්ලේස් එකක් වගෙ....
ReplyDeleteවැස්ස නැති දවස් වල යන්න...
Deleteපට්ට ප්ලේස් එකක් වගේ.. ගෙවල් කිට්ටුව තිබිලත් කණ වැකුනේ නැතීකනේ පුදුමේ
ReplyDeleteගෙවල් පැත්තේ ද? කලින් දන්නවනම් දවල්ට කාල යන්න වත් එනවා...
Deleteඔන්න මාත් එකතු වුණා දඩයම් වල රහ බලන්න
ReplyDeleteරටම ආවරණය කරන ආකාරය අපි බලං ඉන්නවා..
ReplyDeleteජය !
හ්ම්ම් නියමයි. ලංකාවට ආවම යන්න ඕනේ
ReplyDeleteහුඟක් කාලෙකට ඉස්සර මේ වගේ තැනකට ගිහින් නාලා තියෙනවා කියලා ළාවට වගේ මතකයක් තියෙනවා.
ReplyDelete