Pages

Saturday, May 26, 2012

ගොරක ඇල්ල.......

මෙකත් තවත් එක් වතුර වලක බැහැපු තැනක්..... හැබැයි ලස්සන view එකක් තියනවා එතනට ගියාම... නිසකලංක ග්‍රාමීය පරිසරය... නගර වල කොන්ක්‍රීට් තාප්ප අස්සෙ, රථවාහන තදබද අස්සේ ගෙවෙන අපේ ජිවිත වලට මේ වගේ තැන් වලට ආවට පස්සේ ඇත්තටම මාර සහනයක් දැනෙන්නේ... අපි කතා උනේ මේ වගේ පැත්තක ඉන්න තියනවනම් කියල... ඒත් මේ පැතිවල ඉන්න මිනිස්සු විදින දුෂ්කරතාවය දන්නේ ඒ මිනිස්සුම තමයි..



මේ ඇල්ල තියෙන්නේ කිරිදිවැල නගරයෙන් කිලොමිටර් 10 විතර ඇතුලට ගියාම හම්බවෙන අමිතිරිගල කියන ප්‍රදේශයේ. කිරිදිවැල හංවැල්ල පාරේ කිලොමිටර් 2ක් විතර ගියාම හැරෙන්න තියන අතුරු පාරක තමයි යන්න තියෙන්නේ... පාරවල් නම් එච්චර හොද තත්වෙක නෑ.... බස් නම් හොයාගන්න ගොඩක් අමාරු නිසා තමන්ගේ හරි කාගෙහරි රෝද කැරකෙන මොකක් හරි හොයන් යන එක තමයි ඇඟට ගුණ.... අපිනම් පුටු පුටු වල තමයි ගියේ... එකක් ව නම් පොලෝසියෙනුත් ඇල්ලුවා, හොද වෙලාවට උට ලයිසන් තිබ්බා...

වාහනේක ගියොත් නම් මහ පාරෙ නවත්තලා ඇල්ල ගාවට පයින් ගාටන්න වෙනවා...ජීප් එකක් හරි පුටු පුටු වල හරි ගියොත් නම් ඇල්ල ලඟට යනකම් යන්න පුලුවන්... රබර් වත්තක් මැදින් තියන අඩි පාරක හති දාගෙන තමයි ඇල්ල ගාවට යන්න තියෙනනේ....

Monday, May 21, 2012

අල්ගම....

අපි රට වටේ රවුම් ගහද්දි පය තියපු ලස්සන තැන් බොහොමයක් තිබුනා... වැඩිපුරම පය ගැහුවේ ඇල දොල වල තමා... ඒ අතරින් සිත් ගත් එකක් තමයි අල්ගම.... කොල්ලො ටික සෙට් වෙලා ගියපු ගමනක් තමයි මේ....


ගම්පහ දිස්ත්‍රික්කයේ තමයි මෙක තියෙන්නෙ.. ගමන් මාර්ගය නිට්ටඹුව නගරයේ සිට 987 අල්ගම-වේයන්ගොඩ බස් මාර්ගය.... පැයක විතර ගමනක්... බස් එකේ ගමනාන්තයෙන් බැහැල 2 විතර පයින් ගාටන්නත් ඔනෙ... ඊට පස්ස අඩි පාරක් දිගේ මීටර් 600 විතර ගියාට පස්සේ තමයි මෙම ස්ථානය හම්බවෙන්නේ....