Pages

Saturday, May 26, 2012

ගොරක ඇල්ල.......

මෙකත් තවත් එක් වතුර වලක බැහැපු තැනක්..... හැබැයි ලස්සන view එකක් තියනවා එතනට ගියාම... නිසකලංක ග්‍රාමීය පරිසරය... නගර වල කොන්ක්‍රීට් තාප්ප අස්සෙ, රථවාහන තදබද අස්සේ ගෙවෙන අපේ ජිවිත වලට මේ වගේ තැන් වලට ආවට පස්සේ ඇත්තටම මාර සහනයක් දැනෙන්නේ... අපි කතා උනේ මේ වගේ පැත්තක ඉන්න තියනවනම් කියල... ඒත් මේ පැතිවල ඉන්න මිනිස්සු විදින දුෂ්කරතාවය දන්නේ ඒ මිනිස්සුම තමයි..



මේ ඇල්ල තියෙන්නේ කිරිදිවැල නගරයෙන් කිලොමිටර් 10 විතර ඇතුලට ගියාම හම්බවෙන අමිතිරිගල කියන ප්‍රදේශයේ. කිරිදිවැල හංවැල්ල පාරේ කිලොමිටර් 2ක් විතර ගියාම හැරෙන්න තියන අතුරු පාරක තමයි යන්න තියෙන්නේ... පාරවල් නම් එච්චර හොද තත්වෙක නෑ.... බස් නම් හොයාගන්න ගොඩක් අමාරු නිසා තමන්ගේ හරි කාගෙහරි රෝද කැරකෙන මොකක් හරි හොයන් යන එක තමයි ඇඟට ගුණ.... අපිනම් පුටු පුටු වල තමයි ගියේ... එකක් ව නම් පොලෝසියෙනුත් ඇල්ලුවා, හොද වෙලාවට උට ලයිසන් තිබ්බා...

වාහනේක ගියොත් නම් මහ පාරෙ නවත්තලා ඇල්ල ගාවට පයින් ගාටන්න වෙනවා...ජීප් එකක් හරි පුටු පුටු වල හරි ගියොත් නම් ඇල්ල ලඟට යනකම් යන්න පුලුවන්... රබර් වත්තක් මැදින් තියන අඩි පාරක හති දාගෙන තමයි ඇල්ල ගාවට යන්න තියෙනනේ....






ඇල්ලක් කිවුවට මෙකේ කොටස් 2ක් තියනවා. උඩින්ම pool එකක් වගේ කොටස් 2ක් තියනවා, ඊට පස්සේ ගල් තලාවත් එක්ක ඇල්ල, ආයෙත් පොඩි pool එකක් තියනවා, ඊට පස්සේ ආයේත් ඇල්ල.... අපි ගියපු දවසේ නම් කලින් වැඩිය වැහැල තිබුනේ නැති නිසා එච්චරටම වතුර තිබ්බේ නෑ...

මේක තමයි උඩින්ම තියන pool එක

මේක දෙවෙනි pool එක
අපි ඉස්සෙල්ලාම පය ගැහුවේ මෙතනට.... පය ගැහුව විතරයි වැහි බින්දු එක දෙක වැටෙන්න ගත්තා... එත් උඩ ඉන්න එක්කෙනා අපි ගැන හිතලද කොහෙද වැස්ස නැවත්තුවා.... ඒකට පින් දෙන්නත් අපි අමතක කලේ නෑ...
නිල් කැටේට වතුර ටික... ආසාවේ බෑ... හැබැයි ආතල් එක තෙරුනේ වතුරට බැස්සට පස්සෙ.... ඒ තරමට වතුර සීතලයි..... 



ගල් තලාව උඩට පේන්නේ මෙහෙමයි

මං කිවුවනේ උඩට ගියාම තියෙන්නේ පට්ට එකක් කියල.. එකේ photo එකකුත් අල්ලගන්න අමතක කලේ නෑ... ඉස්සරහින් පේන කන්ද මොකක්ද කියලනම් මම දන්නේ නෑ....


උඩට වෙලා ඇති වෙනකම් නාලා එකෙක් ගේ බලවත් ඉල්ලිම පිට පහල තැනටත් ආවා.. එතනත් එල place එක... වතුර හොදට තියන දවස් වලට නම් මෙතන ඇල්ල ලස්සනට ඇති.. එත් අපිට ඒක බලාගන්න පින තිබුනේ නෑ.



මෙතන වතුර පාර නිසා ගල් තලාවේ දියසෙවෙල බැදිලා තිබුනා, අපි ගල්තලාවේ ලෙස්සන බොට්ටු පදින්නත් අමතක කලේ නැ... හැබැයි ඇඟ පුරාම සීරිම් පාරවල් නම් මතක සටහන් විදියට ඉතුරු වෙලා තිබුනා.

ලෙස්සන බොට්ටුව


මෙතනට ආපු අයගෙන් නම් පරිසරයට වැඩි හානියක් වෙලා තිබුනේ නෑ. ඒ ගැන නම් ඇත්තටම සතුටුයි... ඒක ඒ විදියටම අනාගතෙත් පවතී කියල හදවතින්ම ප්‍රාර්තනා කරනවා.




කොහොම කොහොම හරි නාලා ඉවර වෙලා 3 ට විතර අපි යහතින් ආපහු ගෙවල් බලා ආව...


10 comments:

  1. මේ අළුත් බ්ලොග් එකක්ද බං.....

    මොනා උනත් පට්ට ප්ලේස් එකක් වගේ :-)

    ReplyDelete
    Replies
    1. ඔව් රජෝ... බ්ලොග් 2 ජොයින් කලා ටැබ්ස් වලින්...

      පට්ට කියන්නේ පට්ට එකෙත් පට්ට

      Delete
  2. ගිහින් බලන්න ඕන, පට්ට ප්ලේස් එකක් වගෙ....

    ReplyDelete
    Replies
    1. වැස්ස නැති දවස් වල යන්න...

      Delete
  3. පට්ට ප්ලේස් එකක් වගේ.. ගෙවල් කිට්ටුව තිබිලත් කණ වැකුනේ නැතීකනේ පුදුමේ

    ReplyDelete
    Replies
    1. ගෙවල් පැත්තේ ද? කලින් දන්නවනම් දවල්ට කාල යන්න වත් එනවා...

      Delete
  4. ඔන්න මාත් එකතු වුණා දඩයම් වල රහ බලන්න

    ReplyDelete
  5. රටම ආවරණය කරන ආකාරය අපි බලං ඉන්නවා..

    ජය !

    ReplyDelete
  6. හ්ම්ම් නියමයි. ලංකාවට ආවම යන්න ඕනේ

    ReplyDelete
  7. හුඟක් කාලෙකට ඉස්සර මේ වගේ තැනකට ගිහින් නාලා තියෙනවා කියලා ළාවට වගේ මතකයක් තියෙනවා.

    ReplyDelete

ඔබේ අදහස් මට වටී.... හිතට ආ දෙයක් ලියා යන්න...